ලිපිය (අන්තර්ගතය) යොමුකරන්න

දායකත්වය ලබාදෙන ඔබ සාදරයෙන් පිළිගනිමු…

ඔබේ ලිපිය (අන්තර්ගතය) ඉදිරිපත් කිරීමට පෙර, කරුණාකර පහතින් දක්වා ඇති නීතිරීති සහ රෙගුලාසි කියවා බැලීමට අමතක නොකරන්න.

  • සියලු ඉදිරිපත් කිරීම්, කථිකාසනයේ දක්නට ලැබෙන පරිදි, අරමුණු කෙරෙන හෝ ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට නියමිත හෝ අදාළ තේමාව පිළිබඳව විය යුතුයි.
  • සියලු ලිපි (අන්තර්ගතයන්), MS Word ලේඛන, MP4/WMA හෝ MP3 ගොනු, JPG/PNG (1368×908 px resolution ට අඩු) ලෙස ඉදිරිපත් කළ යුතු ය.  PDF මාධ්‍යයෙන් කෙරෙන ඉදිරිපත් කිරීම් භාර නොගැනේ.
  • තමන්ගේ ම නිර්මාණ සහ අදහස් පමණක් ඉදිරිපත් කළ යුතු වේ.  ඉදිරිපත් කරන ලද ලේඛනය මින් පෙර ප්‍රකාශයට පත් කරන ලද්දක් නම්, පෙර ප්‍රකාශිතය සහ එහි දිනය ද ඉදිරිපත් කරනු ලබන ලේඛනයේ සඳහන් කළ යුතු වේ.
  • සියලු ඉදිරිපත් කිරීම්, ආචාරධර්ම සහ මනා ප්‍රතිපත්ති ප්‍රමිතීන්ට අනුව පවතින බැව් සහතික කිරීම පිණිස ඒ සියල්ල සමාලෝචනය සහ සංස්කරණය කරනු ඇත.
  • ප්‍රකාශයට පත් කිරීමට පෙර, සෝදුපත් බලන ලද ලේඛන, අනුමැතිය පිණිස අදාළ ලේඛකයන් වෙත නැවත එවනු ඇත.
  • ඔබේ ලිපියෙහි අඩංගු වචන ගණන 1500 ට නොවැඩි විය යුතු ය.
  • සියලු උපුටා දැක්වීම්, අවසන් සටහන් (endnotes) ආකාරයෙන් විය යුතුය.  අවසන් සටහන් අංකනය කිරීම අරාබි ඉලක්කමින් සිදුකරන්න.
  • සියලු සැඳහුම් දැක්විය  යුතු වන්නේ, උපුටාගැනීම් සහ සැඳහුම් යටතේ පහතින් දක්වා ඇති උදාහරණය පරිදි ය.
  • සියලු ලිපි වල මාතෘකාවක්, අනු-මාතෘකා, සාරාංශයක් සහ ලේඛකයා පැහැදිලිව සඳහන් කර තිබිය යුතු ය.
  • සියලු රූප, වගු සහ තොරතුරු හෝ දත්ත පිළිබඳ දෘශ්‍ය ඉදිරිපත් කිරීම් (infographics) වලට සුදුසු ශීර්ෂපාඨ යොදා තිබිය යුතු ය.  රූප සුරැකි කරන විට (save), ගොනුවෙහි නම වශයෙන් ශිර්ෂපාඨය යොදා ඇති බවට සහතික වන්න.
  • රූප, ශ්‍රව්‍ය සහ දෘශ්‍ය ගොනු ඇතුළුව, කතෘ හිමිකම් සහිත ලේඛන කිසිවක් භාවිත කිරීමේ දී ඒ සඳහා අනුමැතිය ලබාගැනීම ලේඛකයාගේ වගකීම බැව් කරුණාවෙන් සලකන්න.
  • සියලු රූප, ශ්‍රව්‍ය ගොනු සහ දෘශ්‍ය ගොනු ඒවායෙහි මුල් නිර්මාණයට කීර්තිය සහිතව සහ අවශ්‍ය සම්බන්ධිත හා අනුමැතිය ද ලිපිය සමඟ සැපයිය යුතු වේ.
  • ලේඛනයක් ඉදිරිපත් කරන විට කරුණාකර, විද්‍යුත් තැපැල් ලිපියේ විෂය යටතේ ලේඛනයේ මාතෘකාව සඳහන් කරන්න.  එසේම, විද්‍යුත් තැපැල් ලිපියේ බඳ කොටස තුළ පහත කරුණු ඇතුළත් කරන්න:
    1. ලේඛකයාගේ නම
    2. අන්තර්ගතයෙහි මාතෘකාව
    3. ලිපිය මගින් ආමන්ත්‍රණය කිරීමට අදහස් කරන අදාළ තේමාව හෝ අනු-මාතෘකාව
    4. ලේඛකයාගේ විස්තර
    5. ඉදිරිපත් කිරීම පිළිබඳ කෙටි සටහනක් (වචන 150 ට අඩු)
  • ලිපියක් ඉදිරිපත් කිරීම හෝ එය සමාලෝචනය සහ ප්‍රකාශනය සම්බන්ධයෙන් කිසිදු ගාස්තු අයකිරීමක් නොමැත.

its review and publication

  • පිවිසෙන්න හෝ ලියාපදිංචි වන්න
  • මුරපදය අමතක ද
  • නව මුරපදය
  • ලියාපදිංචි වන්න
ඔබේ තොරතුරු පහතින් ඇතුළත් කරන්න
ඔබේ තොරතුරු පහතින් ඇතුළත් කරන්න
ඔබගේ මුරපදය නැති වී තිබේද? කරුණාකර ඔබේ පරිශීලක නාමය හෝ විද්‍යුත් තැපැල් ලිපිනය ඇතුළත් කරන්න. විද්‍යුත් තැපෑල හරහා නව මුරපදයක් සෑදීමට ඔබට සබැඳියක් ලැබෙනු ඇත.