අප ගැන

UNLOCKED යනු වැදගත්කමක් ඇති කරුණු කාරණ පිළිබඳව කථා කිරීමට, පර්යේෂණ කටයුතු වලට උනන්දු කිරීමට සහ ශ්‍රී ලංකාව නිසි අයුරින් හැඩගැස්වීමට සහය ලබාදෙන, පෙරමුණ ගන්නන්ගෙන් සැදි පුළුල් ජාලයක් වෙත ළඟාවීමේ අවස්ථාව රටෙහි ප්‍රජාව වෙත සලසන ඉඩකඩකි.

UNDP ශ්‍රී ලංකා විසින් වර්ෂ 2014 සිට ආරම්භ කරන ලද UNLOCKED, අදහස් හා මතිමතාන්තර පළ කිරීම උදෙසා වන වෙබ්පිටුවකි.  ඒ හරහා “තාරුණ්‍යය සහ සංවර්ධනය” පිළිබඳ සාකච්ඡාවන්ට සහභාගිවීමේ අවස්ථාව මෙරට තරුණ ප්‍රජාව වෙත සලසා දෙන ලදී.  දැනට එය, තිරසාර සංවර්ධන ඉලක්ක සමෝධානික විසඳුම් වේදිකාව (SDG Integrated Solutions Platform – ISP) නැමැති වඩා විශාල මූලික ව්‍යාපෘතියක එක් කොටසක් වශයෙන් ක්‍රියා කරනු ලැබේ.  ISP යනු නව දත්ත ක්‍රමෝපායයන් සහ දැනුවත් හා පරිපූර්ණ ප්‍රතිපත්ති සම්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා වන පිරික්සුම් බිමකි.  සෘජු, තනිව සිදුකරනු ලබන විසඳුම් වලින් ඔබ්බට යන මෙම ව්‍යාපෘතියේ ඉලක්කය වන්නේ, තිරසාර සංවර්ධනය සඳහා වන 2030 න්‍යායපත්‍රයේ ප්‍රගතියට අවශ්‍ය දත්ත, පර්යේෂණ සහ අදහස්-උදහස් ‘එකම වහලක් යට’ දී ලබාගැනීමට සහ පරිහරණය කිරීමට හැකි වන පරිදි, විවිධාකාරයේ නවෝත්පාදනයන් එකට එකතු කිරීමයි.

මෙම විවෘත වේදිකාව, තෝරා-බේරා ගන්නා ලද සාකච්ඡාවන් සමඟ එකතු වීමට උනන්දුව දක්වන ඕනෑම අයෙකු වෙත ඊට අවස්ථාව ලබාදේ.  පුළුල් පරාසයකින් යුත් තොරතුරු ඉදිරිපත් කිරීම හෝ පවත්නා සාකච්ඡාවක් සම්බන්ධයෙන් අදහස් දැක්වීම හෝ මගින් උනන්දුව දක්වන ඕනෑම පාර්ශ්වයකට සාකච්ඡාවක් හා සම්බන්ධවීමේ හැකියාව ඇත.  ලිපි ලේඛන, අදහස්-උදහස්, පෝස්ටු වශයෙන් නිරන්තරයෙන් ඉදිරිපත් කරන කෙටි විඩියෝ පට, ඩිජිටල් හඬපට, දත්ත විශ්ලේෂණ, තොරතුරු හෝ දත්ත පිළිබඳ දෘශ්‍ය ඉදිරිපත් කිරීම්, බ්ලොග්ස් ලෙස නිරන්තර යාවත්කාලීන කිරීම්, සහ සේයාරූ සහිත කතන්දර ද එසේ ඉදිරිපත් කරනු ලබන තොරතුරු වලට අඩංගු කළ හැකිය.  විවිධාකාරයේ දායකවන්නන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් මෙම සාකච්ඡාවන් මෙහෙයවනු ඇත.  එක් එක් සාකච්ඡාව යම් කාලවකවානුවක් පුරා පැවැත්වෙනු ඇති අතර, එහිදී එක් හෝ ඊට වැඩි ගණනකින් යුත් තිරසාර සංවර්ධන ඉලක්කයන් (SDGs) මත පදනම් වූ තනි තේමාවක් අරමුණු කෙරෙනු ඇත.  එක් සාකච්ඡාවක් එහි පූර්ණත්වයට පත් වූ පසුව, එයින් ලබාගත් ප්‍රධාන කරුණු කාරණා, ප්‍රතිපත්ති සෑදීම සඳහා කෙටි සටහන් වශයෙන් යොදාගනු ඇති අතර, ඒවා ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු හැඩගැස්වීමට උපකාරී වනු ඇත.

 

ව්‍යාපෘති හවුල්කරුවන්

  • පිවිසෙන්න හෝ ලියාපදිංචි වන්න
  • මුරපදය අමතක ද
  • නව මුරපදය
  • ලියාපදිංචි වන්න
ඔබේ තොරතුරු පහතින් ඇතුළත් කරන්න
ඔබේ තොරතුරු පහතින් ඇතුළත් කරන්න
ඔබගේ මුරපදය නැති වී තිබේද? කරුණාකර ඔබේ පරිශීලක නාමය හෝ විද්‍යුත් තැපැල් ලිපිනය ඇතුළත් කරන්න. විද්‍යුත් තැපෑල හරහා නව මුරපදයක් සෑදීමට ඔබට සබැඳියක් ලැබෙනු ඇත.