පොලිතින් සඳහා අය නොකරන්නේ ඇයි?
එවින්දි සූරියබණ්ඩාර
25 September 2019

අප එක් දිනක දී භාවිත කරන පොලිතින් මලු ප්‍රමාණයේ සාමාන්‍යය සැලකිල්ලට ගත් කල, ඒ සියලු පොලිතින් මලු වෙනුවට රෙදි හෝ කඩදාසි මලු භාවිත කළේ නම්, පාරිසරික වශයෙන් විනාශ මුඛය කරා යන බවට කියැවෙන මෙම ගමන යම් තරමකට හෝ ප්‍රමාද කළ හැකි බව සත්‍යයකි. එසේ නමුත්, අපගේ සාගර, ප්ලාස්ටික් වලින් පිරවීමට අප සමත්ව ඇති වේගය හා ගත් කළ, පොලිතින් වලින් බැහැර වීමට අප ගන්නා උත්සාහයේ වේගවත් බව කෙතරම් මන්දගාමී ද යන්න සැමට නොරහසකි. මෙම තත්ත්වය වෙනස් කිරීමට, ඉතා සරල ක්‍රියාවන් අනුගමනය කිරීම මගින්, අපේ ලෝකය සත්‍ය වශයෙන්ම දිගුකල් පැවැත්මක් ඇති තැනක් බවට පත්කිරීමේ හැකියාව අපට ඇත.

එකී සරල ක්‍රියාවන් අතරින් එකක් වන්නේ, සිල්ලරබඩු දමාගෙන යාම සඳහා අප භාවිත කරන මලු වෙනස් කිරීම ය. සෑහෙන කාලයක සිට ඒ සඳහා වැඩි වශයෙන් භාවිත කරන්නේ පොලිතින් මලු බව අප දැක ඇත. අද දිනයේ අප සියලුදෙනාම මුහුණපාන අර්බුදකාරී තත්ත්වයෙන් වැඩි කොටසකට හේතුව වී ඇත්තේ ද එයයි. ප්ලාස්ටික් මලු වෙතින් කාබනික සංඝටකයන් නිකුත් වේ. ඒවා VOCs (ඇසෙටෝන්, බෙන්සීන්) සහ සත්‍ය වශයෙන්ම හරිතාගාර වායු (නයිට්‍රස් ඔක්සයිඩ්, සල්ෆර් ඔක්සයිඩ්) ලෙස හැඳින්වේ. එසේම, වනජීවීන් කෙරෙහි පොලිතින් වල ඇති හානිකර බලපෑම පැහැදිලිව ම ඉස්මතු කෙරෙන බොහෝ සිදුවීම් මෑත කාලයේ දී ශ්‍රී ලංකාවේ සිදුව ඇත.

නමුත්, එහි විෂ සහිත බව කෙසේ වුවද, පොලිතින්/ප්ලාස්ටික් භාවිතය වසර ගණනාවක් තිස්සේ දිගින් දිගට ම ඉහළ ගොස් ඇති අතර, ප්ලාස්ටික් නිෂ්පාදනය ද ඉදිරි වසර කිහිපය තුළ දී සැලකිය යුතු අන්දමින් ඉහළ යනු ඇති බවට ගණන් බලා ඇත.

මූලාශ්‍රය – UN GRID-Arendal

ප්ලාස්ටික් නිෂ්පාදන සියල්ල අතර, ප්ලාස්ටික් මලු ට්‍රිලියන 4ක් පමණ ලොව පුරා වාර්ෂිකව භාවිත කෙරෙන බවට ගණන් බලා ඇත. එසේ නමුත්, ප්‍රතිචක්‍රීකරණය වෙත ආපසු යොමු වන ප්ලාස්ටික් මලු සංඛ්‍යාව 1%ක් පමණි. කරුණු එසේ හෙයින්, අර්බුදයකට මුහුණ දෙමින් පවතින ග්‍රහලෝකයක් වශයෙන්, අප අතීතය වෙත නැවත ගමන්කොට, පොලිතින් වලට පෙර අප විසින් භාවිත කරන ලද “රෙදි” ප්‍රධාන වශයෙන් භාවිත කිරීමේ තත්ත්වයට නැවත පත්වීම ආරම්භ කර ඇත. ඉතින්, බොහෝ සුපිරි වෙළඳසැල් විසින් තම ගනුදෙනුකරුවන් සඳහා ලබාදීමට “රෙදි මලු” සෑදීම ආරම්භ කරන ලද නමුත්, තමන්ගේ ග්‍රහලෝකය සුරැකීමට කැමැත්ත දක්වන සියලුදෙනා හට ම ඒ වෙනුවෙන් යම් වියදමක් දැරීමට සිදුව ඇත්තේ එම රෙදි මලු ගනුදෙනුකරුවන් විසින් මුදල් ගෙවා ලබාගත යුතු වන බැවිනි. ඒ සඳහා කෙනෙකු අවම වශයෙන් රු. 60 – රු. 80 දක්වා මුදලක් වැය කළ යුතු වේ. රෙදි මල්ලක් සෑදීමට යන වියදම දෙස බලන විට, භාණ්ඩ මිලදී ගැනීමට පැමිණෙන ඕනෑම ගනුදෙනුකරුවකු වෙත නොමිලේ රෙදි මලු සැපයීම, ආයතන හා ගත් කළ ප්‍රායෝගික නොවන බව ද සැබැවි.

කෙසේ වෙතත්, පොලිතින් මලු මුළුමනින්ම නොමිලේ ලැබෙන අතර, මාගේ පුද්ගලික අත්දැකීම් වලට අනුව, බොහෝ සුපිරි වෙළඳසැල් සේවකයන් සිතන්නේ ඉතා කුඩා භාණ්ඩයක් මිලදී ගත්තත්, පොලිතින් මල්ලක් දිය යුතු ම බවයි. එසේම, ඒ සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා කිරීමේ ඵලක් නොමැත. ඔවුන් වෙතින් අප යම් දෙයක් මිලදී ගත් විට එය රැගෙන යාම සඳහා බෑගයක් ලබාදීම ඔවුන්ගේ රාජකාරියේ ම කොටසකි. නමුත්, සුළු දෙයකින් විශාල වෙනසක් කළ හැකි බව අප තේරුම් ගත යුතුය. පොලිතින් මලු වලට ද යම් මුදලක් අය කර, ඒ මුදල “රෙදි මලු” මිලෙන් අඩු කළ හැකි ය.

ඇත්ත වශයෙන්ම මෙම අදහස මීට පෙර අත්හදා නොබලන ලද්දක් නොවේ. හරිත ලොවක් වෙත යාමට උත්සාහ කරන ගමනේ දී, බොහෝ රටවල් විසින් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කර ඇත. කැලිෆෝනියාවේ ප්‍රජාවන් 3ක් සම්බන්ධයෙන් මෙහෙයවන ලද පරීක්ෂණ වලින් මෙම ක්‍රමවේදයේ සාර්ථකත්වය ඔප්පු වී ඇත. එහිදී, නොමිලේ ලබාදෙන ප්ලාස්ටික් බෑගය 75%ක් විසින් පිළිගත් අතර, ඒ සඳහා කුඩා හෝ මිලක් අය කළ විට, එම බෑග පිළිගනු ලබන අයගේ සංඛ්‍යාව 16%කින් පමණ අඩුවිය.

මෙම තත්ත්වය ශ්‍රී ලංකාව වෙත ද සත්‍ය වශයෙන් ම අදාළ කරගත හැකිය. සියලුම සුපිරි වෙළඳසැල් විසින් සිය පොලිතින් මලු සඳහා මිලක් නියම කළහොත්, පොලිතින් භාවිතය නිසැකව ම අඩු වනු ඇත. ශ්‍රී ලංකාව තුළ එක් දිනකට, පොලිතින් මලු බිලියන 20ක් භාවිත වන අතර, වසරකට ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් මිලියන 1.5ක් මුළු දිවයින තුළ ම නිපදවේ. එය, අපගේ අපගේ අවකළමනාකරණය කළ ප්ලාස්ටික් තොගය හා ගත් කළ අප සිටින්නේ පස්වන ස්ථානයේ ය. එබැවින් පොලිතින් භාවිතය අවම කිරීම සත්‍ය වශයෙන්ම යුගයේ අවශ්‍යතාවක් බවට පත් ව ඇත. දෛනික දූෂණය සම්බන්ධයෙන් මිලක් නියම කිරීම ඊට මංපෙත් විවර කිරීමක් වනු ඇත.

අතීතයේ දී, බොහෝ සමාගම් ප්ලාස්ටික් බෝතල සහ පොලිතින් මලු තෝරාගැනීමට විශාලතම හේතුව වූයේ නිෂ්පාදන පිරිවැය අඩුවීම ය. නමුත් කාලයත් සමඟ, කෙටි-කාලීන සුව පහසුව උදෙසා අප බිලි දෙන්නේ අපේ අනාගතය බව පැහැදිලි විය. අවසානයේ එය අපගේ ද අවසානය විය හැකිය – වත්මන් ලෝකය තුළ මෙම වදන් මීට පෙර අසා තිබුණ ද, පොදු වැරදි වැටහීම නම්, වෙනසක් කිරීමේ දී ඔබේ ජීවන රටාව අපහසුවට පත්වන විශාල දෑ කළ යුතු වන බවයි. නමුත්, සත්‍යය නම්, සුළු සුළු වෙනස්කම් කිරීම හරහා ඔබට විශාල වෙනසක් ඇති කිරීමට දායක විය හැකි බවයි.

පාරිසරික අරමුණු උදෙසා වන යටිතල පහසුකම් වෙනුවෙන් වැය කිරීමට ප්‍රමුඛතාව දීමට සිදුව ඇති බැවින් බොහෝ රටවලට අපහසුතාවන් මතුව තිබිය හැක. නමුත්, නිසි ප්‍රතිපත්ති රහිත ව පරිසර-හිතකාමී ජීවිතයක් ගත කිරීම උගහට ය. එබැවින්, ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වන සරල වෙනස් කිරීම් හරහා සුභවාදී බලපෑම් රැසක් ඇති කළ හැකිය.

එවින්දි සූරියබණ්ඩාර
25 September 2019
එවින්දි මේ වනවිට සිය අ.පො.ස. (සා.පෙ) විභාගය සඳහා කොළඹ මියුසියස් විද්‍යාලයෙන් ඉගෙනුම ලබමින් සිටියි.  යොවුන් සිසුවියක් වශයෙන්, ඇය කාලගුණික විපර්යාසයන් හා එයින් අපගේ අනාගතයට විය හැකි බලපෑම් පිළිබඳව උනන්දුවක් දක්වන්නීය.

கருத்துக்கள்(0)

  • உள்நுலைக அல்ைது பதிவவசய்க
  • கடவுச்சொல்லை மறந்துவிட்டீர்களா
  • புதிய கடவுச்சொல்
  • பதிவுவசய்க
உங்கள் தகவலை கீழே உள்ளிடவும்
உங்கள் தகவலை கீழே உள்ளிடவும்
உங்கள் கடவுச்சொல்லை இழந்தீர்களா? உங்கள் பயனர்பெயர் அல்லது மின்னஞ்சல் முகவரியை உள்ளிடவும். மின்னஞ்சல் வழியாக புதிய கடவுச்சொல்லை உருவாக்க நீங்கள் இணைப்பைப் பெறுவீர்கள்.